උතුරු මැද පළාත් සභා භූමියට ඇතුළු නොවන ලෙසට අධිකරණය මගින් ලබා දී තිබූ නියෝග කඩ කරමින් උතුරු මැද පළාත් සභා ගොඩනැගිල්ලට ඇතුළුවන ප්රධාන දොරටු අවහිර කරමින් උද්ඝෝෂණයක නිරතව සිටියදී අද (6දා) පෙරුවේදී අනුරාධපුර පොලිසිය අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කල රැකියා විරහිත උපාධිධාරින් 22 දෙදෙනෙකු, එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙකක් බැගින් වූ ශරීර ඇප මත දෙකක් මත මුදා හරින ලෙස, අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.
මෙම සැකකරුවන්ට යලි මේ මස 25 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද ප්රධාන මහේස්ත්රාත්වරයා තව දුරටත් නියෝග කලේය.